Cricket

හෙටින් ඇරඹෙන ආසියානු ක්‍රිකට් සැණකෙළිය ගැන ඔබ දැන ගත යුතු සියලු තොරතුරු මෙන්න

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැබවින්ම දෙවැනි වන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට පමණක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට පසු වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් ක්‍රීඩා කරන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන්නේ ආසියානු කුසලාන තරගාවලියයි.

ඉතිහාසය

වසර 38 කට පෙර ඇරඹි ආසියානු කුසලාන තරගාවලියේ පළමු ශූරයින් වූ ඉන්දියාව මෙතෙක් පැවැති ආසියානු කුසලාන තරගාවලි 14 න් හතකම ශූරතාවය දිනා ගැනීමට ද සමත් වුණා.

ශ්‍රී ලංකාවට ආසියානු ශූරතා 5 ක් හිමි වූ අතර, පාකිස්තානය ජය ගෙන ඇත්තේ ආසියානු කුසලානය අවස්ථා දෙකකදී පමණයි.

දින හා ක්‍රීඩාංගන

මෙවර ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 20යි 20 තරග රටාවෙන් පැවැත්වීමට නියමිතව ඇති අතර, තරගාවලිය හෙට(27) සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ දී තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණ ද, මෙරට පවතින දේශපාලනික හා ආර්ථික අර්බුදය හේතුවෙන් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කළේ.

කෙසේ වෙතත්, තරගාවලියේ සත්කාරක අයිතිය තවදුරටත් පවතින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුවයි.

තරගාවලිය ඩුබායි හා සාජා හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රටවල් හා තරග පැවැත්වෙන ආකාරය

තරගාවලියට රටවල් 6 ක් ක්‍රීඩා කරන අතර, එම කණ්ඩායම් කාණ්ඩ දෙකකට වෙන් කර මූලික වටයේ තරග පැවැත්වීමට නියමිතයි.

Group A: India, Pakistan, Hong Kong
Group B: Sri Lanka, Bangladesh, Afghanistan

මූලික වටයේ දී ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් 4 සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගන්නවා.

සුපිරි 4 වටයේ දී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් තුන සමගින් එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button