රසල් ඉවතට ; 20යි 20 ලෝක කුසලානයට නම් කළ කොදෙව් සංචිතය මෙන්න

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය අද (14) ප්‍රකාශයට පත් කෙරුණා.
නිකලස් පූරාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, උප නායකයා ලෙස පත් කර ඇත්තේ රොව්මන් පවෙල්.
සංචිතය සදහා එවින් ලුවිස් කැදවා තිබීම විශේෂත්වයක්.
ඔහු අවසන් වරට කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබුණේ පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානයේදීයි.
ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අන්ඩ්‍රි රසල් හා දග පන්දු යවන ක්‍රීඩක සුනිල් නාරායන් මෙම සංචිතයට නම් කර නැහැ.
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Squad:
Nicholas Pooran (c), Rovman Powell (vc), Evin Lewis, Brandon King, Kyle Mayers, Odean Smith, Johnson Charles, Shimron Hetmyer, Jason Holder, Raymon Reifer, Obed McCoy, Alzarri Joseph, Akeal Hosein, Sheldon Cottrell, Yannic Cariah