ආසියානු කුසලානය අභියස ඉන්දීය පුහුණුකරුට කොරෝනා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ආසියානු කුසලානය වෙනුවෙන් අද(23) දිනයේ දී ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් ඩුබායි හී දී එක්වීමට නියමිතව ඇතත්, කොවිඩ් 19 ආසාදනය වීම නිසා රාහුල් ඩ්‍රාවිඩ්ට අද දිනයේ දී සෙසු ක්‍රීඩකයින් සමග ඩුබායි වෙත පිටත්ව යාමට හැකි වන්නේ නැහැ.
තවත් දින දෙකකින් ඔහු යළි කොවිඩ් 19 වෛද්‍ය පරීක්ෂාවකට මුහුණ දීමට නියමිතයි.
ඔහුගේ ශරීරිය තුළ කොවිඩ් 19 වෛරසය නොමැති බවට තහවුරු වූ වහාම රාහුල් ඩ්‍රාවිඩ් කණ්ඩායම සමග එක් වනු ඇති.
සිම්බාබ්වේ හී දී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ වීවීඑස් ලක්ෂ්මන් ඉන්දීය කණ්ඩායම සමග සම්බන්ධ කරන්නේ ද යන්න සම්බන්ධයෙන්, රාහුල් ඩ්‍රාවිඩ්ට දින දෙකකින් සිදු කරන වෛද්‍ය පරීක්ෂාවෙන් පසුව තීරණය කිරීමට නියමිතයි.
එළඹෙන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලියේ දී ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය පාකිස්තානයට එරෙහිව එළඹෙන 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.