Cricket
ආරෝන් ෆින්ච් සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණයක් ගනියි

ඔස්ට්‍රේලියානු සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට(11) නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය ඔහුගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය වනු ඇති.
ෆින්ච් මේ වන විට එක්දින තරග 145 ක් ක්‍රීඩා කර ඇති අතර, මේ වන විට ඔහු සිය සුපුරුදු දක්ෂතා අතර නොමැති වීම මෙම තීරණය ගැනීමට බලපා ඇති බව සදහන්.
ඔහු අවසන් එක්දින ඉනිම් 7 දී ලබා ගෙත ඇත්තේ ලකුණු 26 ක් පමණයි.
කෙසේ වෙතත්, ඔහු මෙම වසරේ දී ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලානයේ දී ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.
35 හැවිරිදි ෆින්ච් එක්දින ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 5,401 ක් රැස් කර ඇත්තේ ශතක 17 ක් ද සමගින්.